සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් සාමාජික නියැලුම
  
  
 
 
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබේ.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් සලසන සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් ශේෂය දර්ශනය කරගැනීමේ ඉ-සේවය වෙත සාදරයෙන් පිළිගනිමු.
මෙම සේවාව ඇසුරින් පරිශීලකයාට ඔහුගේ/ ඇයගේ භාරකාර අරමුදල් ගිණුමේ වර්තමාන ශේෂය බලාගැනීමට සහ ගිණුමේ සම්බන්ධ කරගැනීමේ තොරතුරු වෙනස් කිරීමේ හැකියාව ඇත.
තවද මෙම සේවාව තුලින්;
  • හිමිකම් පෑමේ ඉල්ලුම් පත්රයේ තත්ත්වය දර්ශනය කරන්න
  • හිමිකම් පෑමේ ඉල්ලුම් පත්රයට අදාළ ලියවිලි බාගත කරන්න සහ
  • පුද්ගලික තොරතුරු වෙනස් කිරීමට ඉල්ලුම් පත්රය බාගත කළ හැක.
  1. සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් ශේෂය බලාගැනීමේ ක්රියා පිලිවෙල
    • කරුණාකර ඔබගේ නිවැරැදි පරිශිලක නාමය සහ මුරපදය භාවිතා කර ඔබගේ සාමාජික ගිණුමට ඇතුල් වන්න.
    • "සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් ශේෂය දර්ශනය කරන්න" යන්න ක්ලික් කරන්න.
    • පද්ධතිය විසින් ඔබගේ ගිණුමේ වර්තමාන ශේෂය පෙන්නුම් කරයි.
  2. හිමිකම් පෑමේ ඉල්ලුම් පත්රයේ තත්ත්වය බලාගැනීමේ ක්රියා පිලිවෙල
    • පිරුම් තිරයේ ඇති "හිමිකම් පෑමේ ඉල්ලුම් පත්රයේ තත්ත්වය දර්ශනය කරන්න" යන්න ක්ලික් කරන්න.
    • ලොට් යොමු අංකය ඇතුලත් කරන්න
    • "යොමු කරන්න" බොත්තම ක්ලික් කරන්න.
    • පද්ධතිය විසින් ඔබගේ හිමිකම් පෑමේ ඉල්ලුම් පත්රයේ තත්ත්වය පෙන්නුම් කරයි.
    හෝ
    • ඔබගේ ගිණුමට ඇතුල් වන්න.
    • "හිමිකම් පෑමේ ඉල්ලුම් පත්රයේ තත්ත්වය දර්ශනය කරන්න" යන්න තෝරා ගෙන ඉහත පියවර අනුගමනය කරන්න.
  3. හිමිකම් පෑමේ ඉල්ලුම් පත්රයට අදාළ ලියවිලි බාගත කිරීමේ ක්රියා පිලිවෙල
    • පිරුම් තිරයේ ඇති "හිමිකම් පෑමේ ඉල්ලුම් පත්රයට අදාළ ලියවිලි බාගත කරන්න" යන්න ක්ලික් කරන්න.
    හෝ
    • ඔබගේ ගිණුමට ඇතුල් වන්න.
    • ගිණුමේ භාරකාර අරමුදල් ශේෂය පිරික්සන්න.
    • "හිමිකම් පෑමේ ආකෘති පත්රය බාගත කරන්න" යන්න ක්ලික් කරන්න.
  4. ගිණුමේ පුද්ගලික තොරතුරු වෙනස් කරගැනීමේ ක්රියා පිලිවෙල
    • ඔබගේ ගිණුමට ඇතුල් වී "සම්බන්ධ කරගැනීමේ තොරතුරු වෙනස් කරන්න" යන්න තෝරාගෙන ඔබගේ ගිණුම් තොරතුරු වෙනස් කළ හැක.
    හෝ
    • පුද්ගලික තොරතුරු වෙනස් කිරීමට අදාළ ඉල්ලුම් පත්රය බාගත කර නිසිලෙස පිරවූ ඉල්ලුම් පත්රය සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වෙත බාර දීමෙන් ඔබගේ ගිණුම් තොරතුරු වෙනස් කරගත හැක.
අතිරේක තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර ඉ-සේවාව මගින් දී ඇති උපදේශයන් කියවන්න.